හාවස්ට් නායකත්ව ආයතනය

හාවස්ට් නායකත්ව ආයතනය වුඩ්රෝ බ්ලොක්, මෙලනි බ්ලොක් සහ කිත්සිරි මුදලිගේ විසින් 2001දී ශ්‍රී ලංකාවේ රාජගිරියේ නාවල ගල්පොත්ත පාරේහිදී සම-ආරම්භයන් ලෙස පිහිටුවනලදී. එමෙන්ම 40,000 අධික පිරිසක් මේ වන විට පුහුණු කර ඇති අතර 1970 දී ගොර්ඩන් සහ ෆ්‍රේඩා ලින්සේ දෙපළ විසින් මුලරම්භකරන ලද ලොව විශාලතම බයිබල් විද්‍යාලය වන ඇමරිකාවේ ඩැලස් ටෙක්සස් හී ක්‍රයිස්ට් ෆෝ ද නේශන්ස් බයිබල් විද්‍යාලයටද අප අනුබද්ධ වන අතර එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මිනිසෝටා දේව ධර්ම ශාස්ත්‍රාලය සමඟද අප අනුබද්ධවේ.

දැක්ම

HLI ආරම්භ කරන ලද්දේ සිසුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී බයිබලානුකුල මූලික ධර්ම ප්‍රායෝගිකව අදාලකිරීම සඳහා සූදානම් කිරීමටය. ප්‍රාදේශීය දේව සභාවන්, සමගාමි දේවසභා සේවයන් සහ සේවා ස්ථානයන්හි නායකත්ව තනතුරු සඳහා ඵලදායී සේවයක් සඳහා අවශ්‍ය කුසලතා, හාවස්ට් නායකත්ව ආයතනය මගින් පුහුණු කරයි. නව රටාව මඟින් අධ්‍යාපනයේ යෙදවීම, ක්‍රියාකාරී සහ ආභාශණය ලබාදීම සිදුකරයි. අප ඉලක්කය වන්නේ දේව රාජ්‍ය ලොව ඉදිරියට ගෙන යාමට නායකයින් සූදානම් කිරීමය.

මෙහෙවර ප්‍රකාශය

හාවස්ට් නායකත්ව ආයතනය (HLI) ආරම්භ කරන ලද්දේ සිසුන්ට දෙවියන් වහන්සේ විසින් දෙන ලද වෘත්තීන් සහ කැඳවීම් කරා යාමට ආත්මික හා විවිධ සංස්කෘතින්ට අදාල ලෙස අධ්‍යාපනය ලබා දීම, සන්නද්ධ කිරීම සහ සවිබල ගැන්වීමය.
356
සිසුන් ඇතුළත් කර ඇත
36
පාඨමාලා පිරිනමයි
21
සභාවන්
10
සහ දිස්ත‍්‍රික්ක

මූලික අගයන්

දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනයට කැපවීම

අප ජීවිතයේ හෝ දේව සේවයේ කරන සෑම දෙයක්ම දේව වචනයේ සත්‍යතාවන් හා මුලධර්ම මත පදනම් විය යුතුය. එය අවසාන ප්‍රමිතියයි.

අවංකත්වයට කැපවීමක්

ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය වර්ධනය කර ගැනීමටත්, අපගේ සේවය, ව්‍යාපාර සහ පෞද්ගලික ජීවිත තුළ ක්‍රිස්තුස්වහසේගේ ආකල්පය සහ හැසිරීම ප්‍රදර්ශනය කිරීමටත් අපි උත්සාහ කරමු.

බයිබලීය ලෝක දෘෂ්ටිය උදෙසා කැපවීම

අප දෙවියන් වහන්සේගේ නියෝජිතයන් බව හඳුනාගෙන, ජීවිතයේ සෑම අංශයක් තුළම උන්වහන්සේගේ අභිමුඛය හා බලය රැගෙන යාම.

පෞද්ගලික දේව අභිලාෂය සඳහා කැපවීමක්

දෙවියන් වහන්සේ එක් එක් පුද්ගලයාට ආවේනික අරමුණක් හා ඉලක්කයක් දී ඇත. එම ඉලක්කය ඉටු කිරීමට අන්‍යයන්ට උදව් කිරීම දේවසේවකයන් සහ සභා නායකයන් ලෙස අපගේ කැඳවීමේ කොටසකි.

ගිවිසුම් සබඳතා උදෙසා කැපවීම

අපගේ ජීවිත අරමුණු හා ඉලක්ක කරා ළඟා වීමට දායක වන ගැඹුරු සබඳතා අපි වර්ධනය කර ගනිමු.

මැදිහත්කාර යාච්ඤාවට සහ ආත්මික යුද්ධ සඳහා කැපවීම

පුද්ගලික ජීවිතය, ව්‍යාපාර සහ දේවසේවයේ සාර්ථකත්වය සඳහා ස්වාමින් වහන්සේ සමග ශක්තිමත් පෞද්ගලික සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය වේ. අපි මැදිහත්කාර යාච්ඤාව සහ ආත්මික යුද්ධ කිරීම තුළින් සතුරා පරාජය කිරීම පිණිස දෙවියන් වහන්සේගේ බලය මුදා හැරීමේ මානයන් කරා ගමන් කරමු.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය පොලොවේ ස්ථාපිත කිරීම සඳහා කැපවීම

මහා අණ ක්‍රියාවට නැගීමට සහ පරිරූපණ ක්‍රියාවලිය ඉටු කිරීමට මිනිසුන් සූදානම් කිරිමට කැපවීම.

ඇදහිල්ලේ ප්‍රකාශන

ශුද්ධ ලියවිල්ල

බයිබලය දේවානුභාවයෙන් ලියන ලද නිවැරදි දේව අධිපත්‍යයෙන් යුක්ත වූ දේව වචනය බව අපි විශ්වාස කරමු
(2 තිමෝති 15-17, 2 පේත්‍රැස් 2:21, තීතස් 2:13)

එකම සැබෑවු දෙවියන් වහන්සේ

සදාකාලිකව වැඩ වසන එකම දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේල පියාණන්, පුතයාණන්, ශුද්ධාත්මයාණන් යන ත්‍රිත්වය ලෙස එළිදරව් වන බවත් අපි විශ්වාස කරමු
(නික්මයාම 3:14, මතෙව් 28:19, ලූක් 3:22) 

ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය

ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සදාකාලික දේව පුත්‍රයාණන් බවත්ල සම්පුර්ණයෙන්ම දේවත්වයෙන් පුර්ණ දේවත්වයේ පංගුකාරයාණන් වන බව අපි විශ්වාස කරමු
(මතෙව් 1:23, යොහාන් 5:22-23, හෙබ්‍රෙව් 1:1-13) 

මිනිසාගේ මිදීම

මිනිසාට ඇති එකම ගැලවිමේ බලාපොරොත්තුව සහ පාපයේ බලයෙන් මිදීම ඇත්තේ, කුරුසියමත වගුරවන ලද යේසුස් ක්‍රිස්තුස් සමිදාණන්ගේ අමිල ලේ කරණකොටගෙන පමණක් බවත්, අපි විශ්වාස කරමු
(ක්‍රියා 4:12, රෝම 5:8, 10:9, එපීස 2:8) 

දේවසභාව සහ සභාවේ කාර්ය භාරය

ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නම්, යම් පළාතක පිහිට් හදුනා, පිළිගත්තාවූ භාරදෙන ලද ආධිපත්‍යක් යටතේ, නමස්කාර කිරීමටත්, මහා ආඥාව පිළිපැදීමට සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙයවීම යටතේ සේවය කිරීමටත්,  අන්ධකාර බලවේග සමග සටන් කරමින් පියාණන්ගේ කැමත්ත වන දේව රාජ්‍යය ස්ථාපිත කිරීම උදෙසා කැඳවා ගත්තාවු තෝරාගත් සෙනගක් වේ
(එපීය 1:22-23, ක්‍රියා 18, 1 කොරින්ති 12:13, එපීස 4:11-16)

සභාවේ ආඥාපත

(අ) බෞතිස්මය යනු මුලුමනින්ම ජලයේ ගිල්වීම බවත්, එය ලබාගත හැක්කේ, තමාගේ පාපය ඒත්තුගෙන, පසුතැවී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා සියලු දෙනාට බවත් අපි විශ්වාස කරමු.
එය තමන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයත්, තැන්පත් කිරීම සහ නැවත නැගිටීමක් සමග එක්සත්වන බව ප්‍රසිද්ධියේ ලෝකයට කියා පෑමක් වන්නේය
(මතෙව් 28:19, ක්‍රියා 10:47, 48, රෝම 6:4)  
(ආ) ස්වාමින් වහන්සේගේ ශුද්ධ මේසයට සහභාගී වීම දේව වචනයට අනුකුලවල ඇදහිලිවතුන් සමග නිතර, නිතර කලයුතු කාර්යයක් බව අපි විශ්වාස කරමු
(ලූක් 22:19- 20, 1 කොරින්ති 11:23- 26 )

ශුද්ධාත්මයාණන් වහන්සේ

ත්‍රිත්වයේ තෙවන තැණන්වහන්සේ වන ශුද්ධාත්මයාණන්ල දෙවි පියාණන් සහ දේව පුත්‍රයාණන් හා සමාන වන අතර, අපගේ පාපය හඟවාදී පසුතැවිිල්ල ඇතිකරයි. එසේම උන්වහන්සේ අප බලයෙන් පුරවා යේසුස් වහන්සේ උදෙසා සාක්‍ෂිකරුවන් වන පිණිස දිරිගන්වනසේක
(ක්‍රියා 2:4, 1 කොරින්ති 12:1-31, ක්‍රියා 19:44-46: 11:14-15)

ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිිණීම

ත්‍රිත්වයක්වූ දෙවියන්වහන්සේ ස්වෛරීලෙස රජකම් කරන පිණිස නැවත මේ ලෝකයට සිය දරුවන් සමග පැමිණෙන බවත්, එසේ පැමිණ උන්වහන්සේ සිය සදාකාලික රාජ්‍යය පහිටුවන බවත් අප විශ්වාස කරමු
හෙබ්‍රෙව් 9:28, එළිදරව් 1:7

මලවුන්ගෙන් නැගිටීම

මියගිය සැමදෙනා නැවත නැගිටින බව අපි විශ්වාස කරමු. ගැලවීම ලැබුවාවු අය සදාකාල ජීවනයටත්, ගැලවීම ප්‍රතික්ෂේප කල අය සදාකාල විනාශයටත් පත්වේ
(1 තෙසලෝතික 4:16-17, මතෙව් 25:46, මාරික් 9:43- 48, එලිදරව් 19:20, 20:11-15, 21:8, දානියෙල් 12:2) 
15. යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද, මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරදෟ කියා ලියා තිබේ.
රෝම 10:15
How can anyone preach unless they are sent? As it is written: “How beautiful are the feet of those who bring good news!”
Romans 10:15 (NIV)